අවුරුදු 70කට පස්සේ ආව ස්වර්ණමය අවස්ථාව පැහැර අරින්න එපා!

අවුරුදු 70කට පස්සේ ආව ස්වර්ණමය අවස්ථාව පැහැර අරින්න එපා!

September 22, 2017   01:47 pm

නිදහස ලැබී වසර 70ක් ගෙවී ගියද සියලු දෙනාගේම එකඟතාව මත  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීමට අද මෙන් ස්වර්ණමය අවස්ථාවක්  මින් පෙර උදා නොවූ බව විපක්ෂ නායක ආර්. සම්පන්ධන් පැවැසීය.

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (21) අදහස් දක්වමින් ඔහු මේ බව කීය.

1987-  88 කාලයේ සිට  ජාතික ප්‍රශ්නයට තිරසාර විසදුමක් සෙවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට පැවැති සෑම රජයක්ම  උත්සහා කළත් විවිධ පිල් බෙදීම් සහ එකඟනොවන තත්ත්වයන් මත ඊට බාදා වූ බව හෙතෙම පෙන්වා දුනනේය.

ශ්‍රී ලංකාවේ මේ තාක් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ සහ විශේෂයෙන්ම දෙමළ ජනතාවගේ පොදු එකඟතාව මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර නැති නමුත් මේ අවස්ථාවේ ප්‍රථම වතාවට එවැනි අවස්ථාවක් උදා වී ඇති බැවින් මෙම ස්වර්ණමය අවස්ථාව පැහැර නොහැරිය බව ඔහු කීය. 

දෙමළ බස කථා කරන ජනතාවගේ අනන්‍යතාවට හා අභිමානයට පිළිගැනීමක් ලබා දෙමින්, සාධාරණ හා පිළිගත හැකි අණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය විධිවිධාන ගෙන ඒම තුළින් දීර්ඝ කාලයක් පුරා පැවති ඔවුන්ගේ අපේක්ෂාවක් සඵල වනු ඇති බව ද ඔහු සදහාන් කළේය. 

රටේ මූලික හා උත්තරීතර නීතියට අනුවත්, එහි සියලු ජනතාවගේ නිදහස් අභිමතය හා කැමැත්ත මතත් ශ්‍රීලංකාව නිත්‍ය වශයෙන්ම එක්සත්, නොබෙදුණු හා බෙදිය නොහැකි රටක් වනු ඇති බවද ඔහු වැඩි දුරටත් පැවැසීය.