මංගල උත්සවයට පාසල් ළමුන් යොදා ගැනීම ගැන පරික්ෂණයක්
September 22, 2017 01:31 pm
මහනුවර, ගන්නෝරුව ප්‍රදේශයේ මංගල උත්සවයක් සඳහා පාසල් ළමුන් යොදා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
මංගල උත්සවයක් සඳහා ළමුන් 250 දෙනෙකු සහභාගී කරවා ගනිමින් එම ළමුන් හිංසනයට ලක් කළ බවට තම අධිකාරිය වෙත පැමිණිලි ලැබුණු බව අධිකාරිය සඳහන් කළේය.
එම පැමිණිලි මත අදාල විමර්ශනය ආරම්භ කර ඇති බව සදහන්ය.
මංගල උත්සවයක් සඳහා පසාල් ළමුන් යොදවන ලද අධ්‍යාපන බලධාරින් සමඟ ද මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පැවසුවේය.
කිසිදු කටයුත්තක් සඳහා ළමුන් හිංසනයට ලක් වන අයුරින් භාවිතා කිරීම ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් අනුමත නොකරන බවද එම අධිකාරිය සඳහන් කළේය.
එවැනි හිංසන පිළිබඳව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ක්ෂණික දුරකතන අංකය වන 1929 ට වහාම පැමිණිලි කරන ලෙස ද එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.