හොර රට සල්ලි එක්ක දෙදෙනෙක් කොටුවෙයි

හොර රට සල්ලි එක්ක දෙදෙනෙක් කොටුවෙයි

September 22, 2017   10:46 am

ව්‍යාජ විදේශ මුදල් තොගයක්  සමඟ  පුද්ගලයින් දෙදෙනෙකු යාපනය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය කොට්ඨාස විමර්ශන ඒකකයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

එහිදී ඔවුන් සතුව තිබී කැනේඩියානු ඩොලර් 100යේ ව්‍යාජ නෝට්ටු  සියයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 13ක් පමණ වන  බව පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන් වඩුක්කොට්ටේ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි සහ 41 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

ඔවුන් අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.