ලන්ඩන් ප්‍රහාරය සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට
සයුරෙන් එතෙර

ලන්ඩන් ප්‍රහාරය සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට

September 21, 2017   10:10 am

ලන්ඩන්යේ පසුගිය සිකුරාදා එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම සිදුකරන මෙහෙයුම් හමුවේ අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

එම සැකකරු රැදවුම් නියෝග මත රදවාගෙන ප්‍රශ්න කරන බව ලන්ඩන් පොලීසිය ප්‍රකාශ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.