ව්‍යාජ ලිපි ලේඛන හැදූ 3ක් අත්අඩංගුවට

ව්‍යාජ ලිපි ලේඛන හැදූ 3ක් අත්අඩංගුවට

September 20, 2017   10:43 am

ව්‍යාජ ලෙස ලිපි ලේඛන සකස් කළ පුද්ගලයින් තිදෙනෙකු මීගමුව පාර, මාබෝල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

සැකකරුවන් සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු  බලපත්‍ර  , අධ්‍යාපන සහතික පත්‍ර හා ඒවා මුද්‍රණය කිරීමට යොදාගන්නා උපකරණ කිහිපයක් ද සෙයාගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන, රාගම යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් තිදෙනෙකු වන අතර ඔවුන් අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.