පාර්ලිමේන්තු පාර තාවකාලිකව වැසෙයි

පාර්ලිමේන්තු පාර තාවකාලිකව වැසෙයි

September 20, 2017   10:30 am


පාර්ලිමේන්තු වට රවුමේ සිට පාර්ලිමේන්තුව දක්වා මාර්ගය පොලීසිය විසින් තාවකාලිකව වසා දමා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අතුරුදන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන්ම ඉවත් කළ යුතු බව බල කරමින් පවත්වනු ලබන විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් මෙම මාර්ගය වසා දමා ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම මේ හේතුවෙන් ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය වී ඇති බවත්, ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.