හෙරොයින් ළඟ තබාගත් කත මාට්ටු

හෙරොයින් ළඟ තබාගත් කත මාට්ටු

September 20, 2017   10:29 am


මට්ටක්කුලිය, හැඳල තොටුපළ පාර ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 03යි මිලි ග්‍රෑම් 150 ක් පොලීසිය බාරයට ගෙන තිබේ.

සැකකාරිය එම ප්‍රදේශයේම පදිංචි 43 හැවිරිදි කාන්තාවකි.

ඇය අද(20) මාළිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.