රට යන්න ඇවිත් නොඑන ගමන් යයි

රට යන්න ඇවිත් නොඑන ගමන් යයි

September 20, 2017   10:20 am

මුදල් ආරවුලක් හේතුවෙන් ඇති වූ ගැටුමක් හේතුවෙන්  රෝහල් ගත කළ පුද්ගලයෙකු මියගොස් ඇති බව මාරවිල පොලීසිය සඳහන් කරයි.

මියගොස් ඇත්තේ නාත්තන්ඩිය - වලහාපිටිය පදිංචි අරලිය පතිරණගේ දොන් නිමල්  නම් අයෙකි.

ඊයේ(19) රාත්‍රී 9.30 ට පමණ මෙම සිද්ධිය සිදුව ඇත.

මිය ගොස් ඇති අය විදේශ රැකියාවන් සඳහා පුද්ගලයින් පිටත් කර යවන අයෙකු බවට හඳුනාගෙන ඇති අතර විදේශ රැකියාවක් සඳහා පිටත්ව යාමට මුදල් ලබා දී ඇති අයෙකු පැමිණ තම ගමන ප්‍රමාදවීම සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් මෙම සිදුවීමට හේතු වී තිබේ.

එහි දී විදේශ රැකියාව සම්බන්ධයෙන් විමසා පැමිණි අය මියගිය පුද්ගලයාට අතින් පහර කීපයක් එල්ල කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

එම සිද්ධියෙන් පසුව මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇත.

මියගොස් ඇති අය හෘදායාබාධයක් හේතුවෙන් ශල්‍යයකර්මයකට ලක් කර සිටි අයෙකු බව වාර්තාවේ.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.