තිගාම්බරම්ගේ දැක්ම ප්‍රධාන පක්ෂවලට ආදර්ශයක්
September 20, 2017 09:31 am
පක්ෂ භේදය, වර්ග භේදය, ජාති භේදය, කුල භේදය සියල්ල අමතක කර ප්‍රතිපත්තිමය දැක්මක් ඔස්සේ කඳුකරයේ ප්‍රජාවට මනා නායකත්වයක් සපයන කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ දේශපාලන ගමනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවය, ප්‍රණාමය පුද කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, කෘෂිකර්මාන්ත අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
හෙතෙම මේ බව කියා සිටියේ හැටන් ඩී.කේ.ඩබ් ශාලාවේදී පැවති දිගා පදනමේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි.
තිගාම්බරම් අමාත්‍යවරයා ජනාධිපතිතුමාගේ මෙන්ම අගමැතිතුමාගෙත් හොදම මිත්‍රයෙක් බවත්, ඔවුන් දෙදෙනාගේ විශ්වාසය රැකගනිමින් වතුකරයේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කරන බවත් දුමින්ද දිසානායක අමාත්‍යවරයා මෙහෙදී වැඩිදුරටත් පැවසීය.