මෙක්සිකෝ භූ කම්පනය-මරණ සංඛ්‍යාව 140 දක්වා ඉහළට

මෙක්සිකෝ භූ කම්පනය-මරණ සංඛ්‍යාව 140 දක්වා ඉහළට

September 20, 2017   09:21 am



මෙක්සිකෝ නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට බලපෑ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 140 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

රිච්ටර් මාපකයේ 7.1ක පරිමාණයකින් සිදුවූ එම භූමිකම්පාව හේතුවෙන් ගොඩනැගිලි 44ක්  පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව සඳහන්ය.

සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරන අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ හා හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.

1985 වර්ෂයේදීද මෙක්සිකෝ නගරයේදී දරුණු භූමිකම්පාවක් සිදුව ඇති අතර එය සිදුවී වසර 32ක් සැපිරෙන ඊයේ(19) දිනයේ මෙම භූමිකම්පාව සිදුවීම විශේෂත්වයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

1985දී සිදුවූ අදාළ භූමිකම්පාවෙන් පුද්ගලයින් දහසකට අධික පිරිසක් මියගොස් තිබුණි.