ඩෙංගු රෝගීන් සියයට 90න් අඩු වෙලා-සුව අමාත්‍යංශය කියයි

ඩෙංගු රෝගීන් සියයට 90න් අඩු වෙලා-සුව අමාත්‍යංශය කියයි

September 20, 2017   07:26 am

පසුගිය මාස කිහිපය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සියයට 90කින් අඩුවී ඇති බව සෞඛ්‍ය  පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය පැවැසීය.

එම අමාත්‍යංශය පෙන්වාදෙන්නේ මේ වන විට දිවයින පුරා රෝහල්වල රෝගීන් 937 දෙනෙකු පමණක් ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

ඩෙංගු රෝගය පැතිර යාම කළමනාකරණය කිරීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය  සංවිධානය ද ශ්‍රී ලංකාව ඇගයීමට ලක් කර ඇති බව සෞඛ්‍ය  අමාත්‍යංශය පෙන්වා දෙයි.

ඩෙංගු මර්දන සහායකයින් තවත් 700 ක් බඳවාගෙන ඇති අතර ඉදිරියේදී දිවයිනම ආවරණය වන පරිදි තවත් 1000 පිරිසක් බඳවාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවැසීය.