නීති විරෝධීව මසුන් මැරූ ඉන්දීය ධීවරයින් 8ක් දැලේ

නීති විරෝධීව මසුන් මැරූ ඉන්දීය ධීවරයින් 8ක් දැලේ

September 20, 2017   07:09 am

නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ශ්‍රී  ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඩෙල්ෆ්ට් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ උතුරු මුහුදේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා දෙකක්ද සිය බාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් ධීවරයින්, යත්‍රා සහ අනෙකුත් භාණ්ඩ කරෙයිනගර් හි පිහිටි ශ්‍රීලංකා නාවික නෞකා බාර ආයතනය වෙත යොමු කර ඇත.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින්, ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත යොමු කිරීමට නියමිත බව නාවික හමුදාව පැවැසීය.