ලංවීමට අද විසඳුමක් නැතිනම් හෙට දැවැන්ත උද්ඝෝෂණයක්

ලංවීමට අද විසඳුමක් නැතිනම් හෙට දැවැන්ත උද්ඝෝෂණයක්

September 20, 2017   06:58 am

අද දහවල් 12.00ට ප්‍රථම සිය ඉල්ලීම් වලට නිසි විසඳුම් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් හෙට(21) දින දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව ලංකා විදුලිබල මණ්ඩල කාර්යාල කාර්ය සේවා ස්වාධීන සංගමය පැවැසීය.

එම සංගමයේ සභාපති සාගර ලක්මාල් පවසන්නේ එහිදී ජනතාවට සිදුවන අපහසුතාව වෙනුවෙන් ආණ්ඩුව වගකීම භාරගත යුතු බවයි.

කිසිදු විදුලි සේවකයෙකු හට අසාධාරණයක් නොවන පරිදි මෙම සටන ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බව ඔහ කියා සිටියේය.