ශ්රී ලංකාවේ ලෝක කුසලාන සිහිනයට එංගලන්තය පාර කපයි
September 20, 2017 06:53 am
ශ්රී ලංකා කණ්ඩායම එළඹෙන ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා සෘජු සුදුසුකම් ලබා ගැනීමේ කණ්ඩායම් අතරට ඇතුළත්ව තිබේ.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (19) එංගලන්තය සමඟ පැවති තරඟය පරාජය වීමත් සමඟ මෙලෙස අදාළ සුදුසුකම ලබා ඇති බව සඳහන්ය.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවීම සඳහා වන සෘජු සුදුසුකම් ලබාගැනීමේ කණ්ඩායම් 08 අතරට ඇතුළත්ව ඇති බව වාර්තා වෙයි.
මේ අතර සංචාරක බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ක්රිකට් තරඟය කඩුලු 07 කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබේ.
එංගලන්තයේ මැන්චෙස්ටර් හීදි පැවති තරඟයේ කාසියේ වාසිය දිනූ කෙදෙව් කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව කොදෙව් කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 204ක් ලබාගත්තේය.
කෙදෙව් පිල වෙනුවෙන් ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 41ක් ලබාගත් අතර ගේල් ලකුණු 37ක් ලබාගත්තේය.
පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් බෙන් ස්ටෝක්ස් කඩුලු 03ක් ලබාගත් අතර අදිල් රෂිඩ් සහ වෝක්ස් කඩුලු 02 බැඟින් දවාගැනීමට සමත් වුණි.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දු වාර 30යි පන්දු 05ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 210ක් ලබාගනිමින් තරඟයේ ජය වාර්තා කළේය.
ජොනී බෙයාස්ටෝ නොදැවී ශතකයක් රැස් කළේය.