ගලබොඩ නායයාමේ අවධානමක්

ගලබොඩ නායයාමේ අවධානමක්

September 18, 2017   12:58 pm



රත්නපුර, ගලබොඩ දෙමළ මහා විද්‍යාලය අවට ප්‍රදේශයේ නායයාමේ අවදානමක් මතුව ඇති බව ජාතික  ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි නායයාම් අධ්‍යයන අංශයේ සහකාර අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා සඳහන් කළේ එම ප්‍රදේශයේ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම ඒ පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවද ඒ මහතා අවධාරණය කර සිටී.