2020 වන විට ආදායම් අතිරික්තයක්

2020 වන විට ආදායම් අතිරික්තයක්

September 13, 2017   10:50 pm

රජයේ නව ආර්ථික වැඩපිළිවෙල හේතුවෙන් 2020 වන විට මෙරට තුළ ආදායම් අතිරික්තයක් පවතිනු ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

කුරුණෑගලල මාකඳුර ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එවැනි කාලයක ආර්ථිකය මීට වඩා පහසුවෙන් ඉදිරියට ගෙන යා හැකි බවද වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

නමුත් මේ සියල්ල ඉටු කර ගැනීමට නම් පටි තද කර ගන්නා ලෙස රටේ ජනතාවට පැවසිය නොහැකි බවත්, මෙවැනි තත්ත්වයක් තුළ අධ්‍යාපනයට පවා ලබා දෙන මුදල් කප්පාදු කළ නොහැකි බවද අගමැතිවරයා කියා සිටියේය.

2015 වසරේ දී ආණඩුව බාර ගන්නා විට විශාල ආර්ථික අර්බුදයක් පැවති බවත්, රටේ ආදායම ණය මුදල පියවීමට පවා ප‍්‍රමාණවත් නොවුණු බව ද පැවසු අගමැතිවරයා කියා සිටියේ, අද වන විට ගෙවන ණය ප‍්‍රමාණයට වඩා රටේ ආදායම ඉහළ ගොස් ඇති බවයි.