කුකුළේගඟ වාන් දොරටු සියල්ල විවෘතයි-කල්පනාකාරී වන්නැයි නිවේදනයක්
September 13, 2017 09:10 pm
පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට කුකුළේගඟ ජලාශයේ සියලු වාන් දොරටු වීවාත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් අඟගලවත්ත, ඉංගිරිය, බදුරලිය හා මදුරාලිය ප්‍රදේශවල ජීවත් වන ජනතාවට විමසිමත් වන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
පවතින තද වැසි සහිත තත්ත්වය නිසා දිවයිනනේ බොහෝ ප්‍රදේශවල ජලයෙන් යටවී පවතින බවත් ගාල්ල, මාතර, කලුතර හා කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා නායයෑම් නිවේදනයක් නිකුත් කර ඇති බවත් එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.
කෙසේ වෙතත් කදුකර ප්‍රදේශවල ජනතාව නායයෑම් ලක්ෂණ දුටු වහාම එම ප්‍රදේශවලින් ඉවත් වීමට කටයුතු කළ යුතු බව ද ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.