නිදහස් මතයක් ප්‍රකාශ කරන්න දුන්නත් පක්ෂය කඩන්න බෑ
September 13, 2017 04:47 pm
ජනාධිපතිවරයා විසින් නිදහස් මතයක් දැරීමේ අවසරය ලබා දී ඇති නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට කිසිවිටෙකත් අවසරය ලබා දී නැතැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.
අද(13) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඊයේ(12) දිනයේ දී ජනාධිපතිවරයා විසින් අරුන්දික ප්‍රනාන්දු මහතාගේ නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
අරුන්දික ප්‍රනාන්දු මහතාට තමා පෞද්ගලිකව කැමැත්තක් දක්වන බවද ඉසුර දේවප්‍රිය මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ජනාධිපතිවරයාට නොපවසන බව ප්‍රකාශ කරන ලද බොහෝ දෑ අරුන්දික ප්‍රනාන්දු මහතා යම් යම් වැඩසටහන්වලට සහභාගී වෙමින් පවසා ඇති බවත්, යහපාලනය තුළ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතත් එය පක්ෂයට හානිකර නොවිය යුතු බව ද ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
කෙසේ වෙතත් අද පැවති උත්සවයක දී ජනාධිපතිවරයා හා එක්ව අරුන්දික ප්‍රනාන්දු මහතා ද සහභාගී වි සිටි අයුරු දක්නට ලැබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉසුර දේවප්‍රිය මහතා කියා සිටියේ, කුමන තත්ත්වයක් පැවතියත් ජනාධිපතිවරයා හා එක්ව අරුන්දික ප්‍රනාන්දු මහතා කථා කර ඇති බවත් ඉදිරියේ දී ඔහු සිය වැරදි නිවැරදි කර ගනිමින් පක්ෂයට එක්වෙතැයි විශ්වාස කරන බවත්ය.