ට්‍රම්ප් අර්මා  බලපෑම නිරීක්ෂණයට සැරසේ
සයුරෙන් එතෙර

ට්‍රම්ප් අර්මා බලපෑම නිරීක්ෂණයට සැරසේ

September 13, 2017   03:31 pm

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  අර්මා සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ  ෆ්ලොරීඩා ප්‍රාන්තයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට සැළසුම් කර තිබේ.

හෙට දිනයේ ඇමරිකානු ජනාධිපතිවරයා එම ප්‍රාන්තයට  ගොස්  සුළි කුණාටුවේ බළපෑම් පිළිබඳ සොයාබැලීමට නියමිත  විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අර්මා සුලි කුණාටු තත්වයෙන් ෆ්ලොරීඩා ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වූ අතර ප්‍රාන්තයේ මුළු  නිවාසවලින්  හතරෙන් එකක් පමණ විනාශ වී ඇති බව සඳහන්වේ.

සුළි කුණාටු තත්ත්වය සම්බන්ධයෙන් පෙර සිදු කළ අනතුරු ඇඟවීම් හේතුවෙන් ආරක්ෂිත ස්ථාන කරා ගොස් සිටි පිරිස් මේ වන විට යලි තම පදිංචි ස්ථාන කරා පැමිණෙමින් සිටින බව වාර්තාවේ.

කෙසේවෙතත් ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් විදුලිය, ඉන්ධන මෙන්ම සන්නිවේදන පහසුකම් ඇණහිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.