හෙරොයින් නිසා ජීවිතාන්තය තෙක් සිරගෙට
September 13, 2017 03:21 pm
හෙරොයින් ලඟ තබා ගැනීමේ චෝදානාවකට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය තෙක් සිර දඩුවම් නියම කර තිබේ.
අදාල නඩුව අද(13) කැඳවූ අවස්ථාවේ දී කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම නියෝගය ලබා දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
2013 වසරේ දී කුරුඳුවත්ත ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 03 යි මිලි ග්‍රෑම් 33ක් සමඟ ඔහු පොලිස් මතද්‍රව්‍ය කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.
පසුව විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් හෙරොයින් ලඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ අදාල නඩුව පවරා තිබු බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
ඒ අනුව හෙරොයින් ලඟ තබා ගැනීමේ චෝදනාව යටතේ විත්තිකරුට ජීවිතාන්තය තෙක් සිර දඩුවම් නියම කළ මහාධිකරණය හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවට ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර තිබේ.