බස්නාහිර පළාත් සභාවේ තනතුරු කිහිපයක් වෙනස් වෙයි

බස්නාහිර පළාත් සභාවේ තනතුරු කිහිපයක් වෙනස් වෙයි

September 13, 2017   03:13 pm

බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ සංවිධායක ගුණසිරි ජයනාත්, සභා නායක සුනිල් ජයමිණි හා ගිණුම්කාරක සභාවේ වැඩබලන සභාපති මෙරිල් පෙරේරා යන මහත්වරුන් සිය තනතුරුවලින් ඉවත් කර තිබේ.

ඒ අනුව නව ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා ලෙස චන්දන ජයකොඩි මහතා සහ සභානායකවරයා වශයෙන් හෙක්ටර් බෙත්මගේ මහතා පත් කර ඇති බව වාර්තා වෙයි.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් පත්වීම් සිදු කර තිබේ.

මොවුන් තිදෙනාම පසුගිය දා 20 වන සංශෝධනයට එරෙහිව ඡන්දය භාවිතා කර තිබිණි.