විද්‍යා ඝාතන සැකකරුට පලා යාමට දුන්න පොලිස් ලොක්කට ඇප

විද්‍යා ඝාතන සැකකරුට පලා යාමට දුන්න පොලිස් ලොක්කට ඇප

September 13, 2017   01:06 pm

උතුරු පළාත් භාර හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ඇප මත මුදා හරින ලෙස යාපනය කයිට්ස් මහේස්ත‍්‍රාත් ඒ.එම්.එම්.රියාල් මහතා අද(13) නියෝග කළේය.

 මේ අනුව ඔහුට ලක්ෂ 3ක් වටින් මුදල් ඇපයක් සහ ලක්ෂ 5ක් වටිනා ශරීර ඇප 4ක් නියම විය.  නඩුව පවත්වන කාල සීමාව  තුළ විදේශ ගතවීම ද තහනම් කළ මහේස්ත්‍රාත්වරයා  ගුවන් ගමන් බලපත්‍රය අධිකරණයට භාර කිරීමට ද  සෑම  මසකම පළමුවැනි  සදුදා  කොලඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්ථා කර අත්සන් තැබීමටද නියෝග කළේය.

යාපනය පුංකුඩිතිව් ප‍්‍රදේශයේදි ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුට පළායාමට උපකාර කළ බවට සැකපිට හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අත්අඩංගුවට ගෙන තිබුණි.

නඩුව ලබන දෙසැම්බර් 5 වැනිදා යළි කැදවයි.