මිනිස් ඡාවාරමට එරෙහි වීමට ඇති ප්‍රධාන මාර්ගය අධ්‍යාපනයයි
September 11, 2017 01:25 pm
මිනිස්
ඡාවාරමට එරෙහිව කටයුතු කිරීමේ ප්‍රධාන මාර්ගය අධ්‍යාපනය බව ඔස්ට්‍රේලියානු
ස්වාධිපත්‍ය දේශසීමා මෙහෙයුම් අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් ස්ටෙපන්
ඔස්බ්රොන්(Stephen Osborne) මහතා පවසයි.
ඔස්ට්‍රේලියාවේ
ශක්තිමත් දේශසීමා ආරක්ෂණ ප්‍රතිපත්ති සහ හැකියාවන් මඟින් සනාථ කර ඇත්තේ
නීතිවිරෝධි ලෙස ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් පැමිණෙන ඡාවාරම් වැළැක්වීමට එය
ඉතා ඵලදායී වන බව ද ඔහු සඳහන් කරයි.
කෙසේ වෙතත්
ඔස්ට්‍රේලියානු ස්වාධිපත්‍ය දේශසීමා මෙහෙයුම්වල අරමුණුවලින් එකක් ලෙස රටවල
සිටින ගොඳුරට ලක්විය හැකි අයට ඔස්ට්‍රේලියාවට නීතිවිරෝධි ආකාරයට බෝට්ටුවෙන්
පැමිණීමට උත්සහ ගැනීමේ ඇති අවධානම හා විපාකයන් සම්බන්ධයෙන් ඉගැන්වීම බව ද
ඔහු පෙන්වා දෙයි.
ජනතාව ඔස්ට්‍රේලියාවේ දේශසීමා
ආරක්ෂණ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නොදන්නේ නම්, ඔවුන් වැරදි තීරණයන් ගැනීමටත්
නීතිවිරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණීමටත් උත්සහ දරණ බව ස්ටෙපන් මහතා සඳහන්
කරයි.
ඒ තුළින් මිනිස් ඡාවාරම්කරුවන් විශ්වාස කර
බෝට්ටු මඟින් සිය මුදල් නාස්ති කර ගනිමින් ජිවිත පවා අවධානම් තත්ත්වයකට පත්
කරන බව ද ඔහු දෙයි.