මී වදයක් බැඳී ලොරියක් රට  පුරා සවාරියේ

මී වදයක් බැඳී ලොරියක් රට පුරා සවාරියේ

September 11, 2017   11:50 am

එළවළු සහ පලතුරු ප්‍රවාහනය කරන ජීප් රථයක පිටුපස මී වදයක් බැඳ තිබෙන අයුරු ඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී අපට දක්නට හැකි විය. මෙහි ඇති විශේෂත්වය නම් මෙකී මී වදයත් සමග ජීප් රථය එළවළු පළතුරු පුරවාගෙන රටපුරා සවාරි යෑමයි.

 ගල්කිරියාගම කෝරලයාගම ප්‍රදේශයේ  පදිංචි ලයනල් බණ්ඩාර මහතාගේ ජීප් රථයේ පිටුපස අමතර රෝදය සවිකර ඇති යකඩ බටයේ  මෙම මීය බැඳ තිබේ.

 දඬුවෙල්ලෑ ව නමින් මෙම මී වදය හඳුන්වන බව ඔහු පැවසීය. මීට මාස තුනකට පෙර තම නිවසේ නවතා තිබියදී මේ මීය  බැඳ තිබේ.

මෙම මී මැස්සන් තමන්ට අතපත ගෑමට පවා හැකි බවත් මේ වෙනකන් ඔවුන්ගෙන් තමන්ට කිසිදු කරදරයක් නොවූ බව ලයනල්  කියයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නිරන්තරයෙන්ම කලබලකාරී මිනිසුන් බහුලව ගැවසෙන ස්ථානයකි. එහෙත් මෙම වාහනයේ මීය  බැඳ ඇති මී මැස්සන් මේ කිසිදු කලබලකාරී තත්ත්වයකට කලබල නොවී තැන්පත්ව සිටින අයුරු දැක ගැනීමට හැකි විය.