කැකුලුවෙල සුදු තිරිවානා නිධිය අවධානමක

කැකුලුවෙල සුදු තිරිවානා නිධිය අවධානමක

September 6, 2017   03:24 pm


මහාවැලි සී කලාපයට අයත් අරලගංවිල වෙහෙරගල කැකුලුවෙල සුදු තිරිවානා නිධිය ඔබ දැක ඇත.

දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙහි කැණීම් සිදුකිරීම පසුගිය ජූනි මාසයේදී තහනම් කර තිබේ.

එවැනි පසුබිමක එම තහනම අබමල් රේණුවකට මායිම් නොකරමින් පිරිසක් මෙම තිරිවානා නිධියේ කැණීම් සිදුකරමින් පරිසරයට විශාල හානියක් සිදුකරන බවට අද දෙරණ උකුස්සාට රහසිගත තොරතුරක් ලැබුණි.

ඒ අනුව උකුස්සා එහි යන විටත් පිරිසක් තිරිවානා නිධියේ කැණීම් කටයුතු සිදු කරමින් සිටියේය. 

මේ ආකාරයෙන් වෙහෙරගල කැකුලුවෙල සුදු තිරිවානා නිධියේ කැණීම් සිදු කිරීම හේතුවෙන් ඒ අවට කුඹුරුවලට අද අත්වී ඇති ඉරණමයි එහි ගිය අපට දැක ගත හැකි විය.

අනතුරුව උකුස්සා මේ පිළිබඳව ප්‍රදේශවාසීන්ගේ කරුණු විමසීය.


මෙම ස්වාභාවික සම්පත ආරක්ෂා කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවන තෙක් අද දෙරණ උකුස්සා සීරුවෙන්.