රසායන විද්‍යා ප්‍රශ්න විභාගයට කලින් මුද්‍රණය කරලා නෑලු

රසායන විද්‍යා ප්‍රශ්න විභාගයට කලින් මුද්‍රණය කරලා නෑලු

August 21, 2017   05:16 pm


අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ ප්‍රශ්න කිහිපයක් පිට වී ඇති බව කියන සිද්ධියට අදාළව අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

අධ්‍යාපන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අදාළ ප්‍රශ්න විභාගයට පෙර අදාළ ගුරුවරයා විසින් මුද්‍රණය කර බෙදා හැරීමක් සිදු කර නොමැති බවයි.

මේ අතර අදාළ අත්පත්‍රිකා බෙදාහැරීමේ සිද්ධියට අදාළව අදාළ ගුරුවරයාගේ පියා හා සහෝදරයා අද(21) උදෑසන් අත්අඩංගුවට ගෙන තිබුණි.