වීසා බලපත්‍ර උල්ලංඝණය කළ 27ක් කොටු

වීසා බලපත්‍ර උල්ලංඝණය කළ 27ක් කොටු

August 21, 2017   02:54 pm


සංචාරක වීසා බලපත්‍ර උල්ලංඝණය කරමින් මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 27 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පැය 36 ක කාලය තුළ යාපනය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඔවුන් සංචාරක වීසා බලපත්‍ර මත මෙරට රැඳී සිටිමින් විවිධ ව්‍යාපාර කටයුතුවල නිරත වී තිබේ.

අත්අඩංගුවට ගත් එම ඉන්දීය ජාතිකයින් හෙට(22) දිනයේදී මෙරටින් පිටුවහල් කිරීමට කටයුතු යොදා ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.