කේරළ ගංජා සමඟ 1ක් මාට්ටු

කේරළ ගංජා සමඟ 1ක් මාට්ටු

August 21, 2017   01:51 pm



කැලණිය, පට්ටිය හන්දිය ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කැලණිය දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

එහිදී සැකකරු සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 02ක්  පොලීසිය බාරයට ගෙන තිබේ.

සැකකරු කැලණිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පෑලියගොඩ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.