හොරු පලවා හරින්න අරගලයක් කළ යුතුයි

හොරු පලවා හරින්න අරගලයක් කළ යුතුයි

August 21, 2017   12:34 pm

වත්මන් ආණ්ඩුවේ සිටින සියලූම හොරුන් පලවා හැරීම සඳහාත් ජනතාවාදි පාලනයක් ඇති කර ගැනිම සඳහාත් අරගලයක් ඇති කළ යුතු බව ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි පවසයි.

අගෝස්තු 26 දිනට යෙදෙන ජාතික භික්ෂු දිනය සම්බන්ධයෙන් දැනුවත් කිරිමේ අද(21) පැව මාධ්‍ය හමුවකට එක් වෙමින් උන් වහන්සේ මේ අදහස් පළ කළේය.

වර්තමාන ආණ්ඩුව සෑම දෙයකින්ම අද වන විට හොරා ගන්නා බවත්, මේ තත්ත්වයෙන් මුදා ගැනීමට නම් යම් මතවාදයක් රට තුළ ඇති කළ යුතු බවත් උදිත හිමියන් වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම විශේෂිත අධිකරණ කෙරෙහි එතරම් විශ්වාසයක් තැබිය නොහැකි බවත් හොරු ඇල්ලීමට තිබෙන අධිකරණ හා නීතිය ප්‍රමාණවත් බවත් පැවසූ උන් වහන්සේ තව දුරටත් කියා සිටියේ, ජාතික විමුක්ති නව අරගලයක් අද වන විට ආරම්භ විය යුතු බවත් එයට හොඳම කාලය දැන් එළඹ ඇති බවත්ය.