උ/පෙ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර සිද්ධිය-2ක් දැලේ

උ/පෙ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර සිද්ධිය-2ක් දැලේ

August 21, 2017   11:40 am


මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ ප්‍රශ්න කිහිපයක් උපකාරක පංති ගුරුවරයෙකු විසින් අත්පත්‍රිකා බෙදාහැරීම සම්බන්ධ සිද්ධියට අදාළව අදාළ ගුරුවරයාගේ පියා හා සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියට අදාළ ගුරුවරයා මේ වන විට අතුරුදන්ව ඇති බවද සඳහන්ය.

ගම්පහ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකාර පුද්ගලික පංති ගුරුවරයාගේ පියා සහ සහෝදරයා බව වාර්තා වෙයි.

සැකකාර ගුරුවරයා විසින් ඔහුගේ ටැබ් පරිඝණක යන්ත්‍රයෙන් අදාළ අත් පත්‍රිකාව මුද්‍රණය සඳහා සිය සහෝදරයා වෙත යොමු කර තිබේ.

විභාගය අවසන් වී පිටතට පැමිණෙන සිසුන්ට ප්‍රශ්න පත්‍රයේ අඩංගු ප්‍රශ්න කොටස් ඇතුළත් කර අත් පත්‍රිකා බෙදීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි ඉදිරිපත් වී තිබුණි.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ ප්‍රශ්න කිහිපයක් උපකාරක පංති ගුරුවරයෙකු විසින් අත්පත්‍රිකා බෙදාහැරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

 විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා  සඳහන් කළේ අදාළ සිද්ධිය පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලෙස පොලීසියෙන් ද ලිඛිතව ඉල්ලීමක් කළ බවයි.

ඒ අනුව අදාළ සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශනයකින් අනතුරුව කදානේදී අදාළ ගුරුවරයාගේ  පියා හා සහෝදරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

(19) දින පැවති රසායන විද්‍ය ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ ප්‍රශ්න කිහිපයක් තම සම්මන්ත්‍රණයකදී සාකච්ඡාවට ලක් කළ බව පවසමින් උපකාර පංති ගුරුවරයෙකු ගම්පහ ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක් ඉදිරිපිට අත්පත්‍රිකා බෙදාහැරීමක් සිදුකර තිබුණි.

එය නීති විරෝධී කටයුත්තක් වන අතර ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලින් අනතුරුව ප්‍රකාශයක් නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.