රවීන්ද්‍ර විජේගුණරත්න හෙට වැඩ බාරගනී

රවීන්ද්‍ර විජේගුණරත්න හෙට වැඩ බාරගනී

August 21, 2017   11:35 am



නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීධූරයට පත්කෙරුණු වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා  අඟහරුවාදා (22) දිනයේ එම ධූරයේ වැඩ බාරගැනීමට නියමිතව තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රවීන්ද්‍ර  විජේගුණරත්න මහතා එම ධූරයට පත් කෙරුණි.

මේ වන විට නාවික හමුදාපතිධූරයේ කටයුතු කරන වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන 22වනදා එම ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත අතර නව නාවික හමුදාපතිවරයා ලෙස පත් කෙරුණු වයිස් අද්මිරාල්  සින්නයියා මහතා එදින සිය ධූරයේ වැඩ බාරගැනීමට නියමිතය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීධූරයට පත් වන දෙවන නාවික හමුදාපතිවරයා වන්නේ වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතායි.

මීට පෙර අද්මිරාල් දයා සඳගිරි මහතා 2005 වසරේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීධූරයේ කටයුතු කරනු ලැබීය.