රත්‍රං තොගයක් සමඟ 4ක් රේගු බාරයට

රත්‍රං තොගයක් සමඟ 4ක් රේගු බාරයට

August 21, 2017   10:12 am

රුපියල් විසි එක් ලක්ෂයක් පමණ වටිනා රත්‍රං තොගයක් ඉන්දියාවට රැගෙන යාමට උත්සහ කළ පුද්ගලයින් සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව බාරයට ගෙන තිබේ.

ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු සහ ඉන්දිය ජාතිකයෙකු අදාල රත්‍රං තොගය ශරීරය අභ්‍යන්තරයේ සඟවාගෙන යාමට උත්සහ දරා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් අබේරත්න මහතා සඳහන් කළේය.

රත්‍රං ග්‍රෑම් 387ක් පමණ එහිදී සොයාගෙන ඇති අතර සැකකරුවන් එක් අයෙකුට රුපියල් 10,000 බැගින් දඩයක් මත මුදාහැර තිබේ.