උතුරු පළාත් ප්‍රවාහන හා ධීවර අමාත්‍යවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

උතුරු පළාත් ප්‍රවාහන හා ධීවර අමාත්‍යවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

August 21, 2017   09:50 am

උතුරු පළාත් ප්‍රවාහන හා ධීවර කටයුතු අමාත්‍ය  පී.ඩෙනිශ්වරන් මහතාගේ පක්ෂ සාමාජිකත්වය මාස හයක කාලයක් සඳහා අත්හිටුවිමට ටෙලෝ පක්ෂය තීරණය කර තිබේ.

පක්ෂ ලේකම් එස්. ශ්‍රී.කාන්ත මහතා ප්‍රකාශ කළේ පක්ෂ තීරණවලට විරුද්ධව කටයුතු කිරිම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

පක්ෂ තීරණයට පිටුවා ඩෙනිශ්වරන් මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් මහතාට එරෙහිව ඉදිපත් කළ විශ්වාසභංග යෝජනාවට සහයෝගය පල කර ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ(20) රැස්ව ඇති අතර එහිදී මෙම තීරණය ගත් බව පක්ෂ ලේකම් එස්. ශ්‍රී කාන්ත මහතා  ප්‍රකාශ කළේය.

ඉදිරියේදී  පී. ඩෙනිශ්වරන් මහතා සම්බන්ධයෙන් විනය පරික්ෂණ පවත්වා අවසන් තීරණයක් ගන්නා තෙක් තාවකාලිකව ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවිමට තීරණය කළ බව එස්. ශ්‍රී කාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.