ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම අද

ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම අද

August 21, 2017   09:40 am

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්විමක් අද(21) පස්වරුවේ පැවැත්විමට නියමිතයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 06.00ට අරලියගහ මන්දිරයේ මෙම සාකච්ඡාව  පැවැත්වෙන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේය.

මෙහිදී එළඹෙන සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ කටයුතු පිළිබඳ උපදෙස් ලබාදීම සහ ඊට අදාළ කටයුතු සිදු කෙරෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීක පක්ෂය ඉදිරිපත් කර ඇති විරෝධතාව පිළිබඳ අද දිනයේ ද සාකච්ඡා කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

අමාත්‍යවරයාගේ ප්‍රකාශ නිවැරදි කර ගැනීම සඳහා අද දිනය දක්වා කාලය ලබාදී තිබූ  බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිකවැරටිය බස් නැවතුම්පල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශ කළේ ආණ්ඩුව මෙතරම් දුෂ්කර තත්ත්වයට පත්වීමට හේතුව විජයදාස රාපක්ෂ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය බවයි.

මේ අතර අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ආශීර්වාද කිරීම සඳහා  මහා සංඝරත්නය අද බුද්ධ ශාසන අමාත්‍යංශයට වැඩම කර තිබුණි.

එහිදී අදහස් දැක්වූ මහා සංඝරත්නය ප්‍රකාශ කළේ විජයදාස රාජපක්ෂ මහතා තවදුරටත් අමාත්‍යධූරයේ රැදී සිටිය යුතු බව අග්‍රමාත්‍යවරයාට දැනුම් දෙන බවයි