අන්තරෙන් අද අඛණ්ඩ උපවාසයක්

අන්තරෙන් අද අඛණ්ඩ උපවාසයක්

August 21, 2017   09:01 am

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යායට එරෙහිව අඛණ්ඩ උපවාසයක් අද(21) දිනයේ සිට ආරම්භ කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

අද උදෑසන කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටදී මෙම උපවාසය ආරම්භ කරන බව ඔවුන් සඳහන් කළේය.

මේ සඳහා දේශපාලනඥයින්, කලාකරුවන්, සිවිල් සංවිධාන ඇතුළු බාහිර පාර්ශව ද එක්වන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කර සිටියේය.

මේ පිළිබඳව අද දෙරණ සමඟ අදහස් දැක්වූ  අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මේ අදහස් පළ කළේය.