රටේ සංවර්ධනය ඉතා ශක්තිමත්

රටේ සංවර්ධනය ඉතා ශක්තිමත්

August 21, 2017   08:56 am

වත්මන් ආණ්ඩුව මේ වන විට ඉතා ශක්තිමත්ව රටේ සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් සිටින බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අදහස් දක්වමින් පවසා සිටියේ, විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළුව සමස්ථ අධ්‍යාපන පද්ධතියම මේ වන විට බිඳවැටී ඇති බවත්, රාජ්‍ය නිළධාරීන් 1000කට අධික පිරිසක් කට උත්තර සඳහා ගෙන්වමින් ආණ්ඩුව අත්තනෝමතිකව ක්‍රියාකරන බවත්ය. 

යම්හෙයකින් බැදුම්කර වංචාවට රවී කරුණානායක මහතා  වෙනුවට තමන්ගේ නම තිබුණේ නම් ඇතිවන තත්ත්වය වෙනස් වන බවත් යහපාලනයක් ඇත්තේ නමට පමණක් වන බවත් මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේය.

එමෙන්ම ආණ්වඩුව  රවී කරුණානායකට මහතාට ඉල්ලා අස්වෙන්නයි කියා වීරයෙකුගේ තත්ත්වයට පත් කර ඇති බව ද ප්‍රකාශ කළේය.