සංචාරක පක්ෂීන්ගේ ගමනට බාධා

සංචාරක පක්ෂීන්ගේ ගමනට බාධා

August 21, 2017   08:49 am

මන්නාරම ප්‍රදේශයේ සුළං බලාගාර ඉදිකිරිම හේතුවෙන් මෙරටට පැමිණෙන සංචාරක පක්ෂීන්ගේ ගමන් මාර්ගයට බාධා එල්ල වන බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා සඳහන් කළේ පක්ෂීන්ගේ වාසස්ථාන සහ අවශ්‍ය ආරක්ෂාව සැපයීම රටක් වශයෙන් මෙරට ජාත්‍යන්තර සම්මුතීන්ට බැඳී සිටින බවයි.

නිසි පරිසර වාර්තාවන්ගෙන් තොරව මෙවැනි සුළං බලාගාර ඉදිකිරිම තුළින් විශාල ගැටළු මතුවිය හැකි බව ද ඔහු සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් අද දෙරණ සමඟ අදහස් දක්වමින් පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා මෙම අදහස් පළ කළේය.