මනාප ඡන්ද ක්‍රමය වෙනස් කරනවා
August 21, 2017 08:06 am
මිනී මරාගන්නා මනාප ඡන්ද ක්‍රමය වෙනස් කොට ඉදිරියේදි පවත්වනු ලබන පළාත් පාලන හා අනෙකුත් මැතිවරණ , කොට්ඨාස හා ආසන ක්‍රමය අනුව පැවැත්වීමට කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පවසයි.
බදුල්ල තැපැල් සංකීරණයේදී පැවති ශ්‍රී.ල.නි.ප බදුල්ල දිස්ත්‍රික් සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී තවදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ 2020 වන තුරු මහ මැතිවරණයක් නොපැවැත්වෙන බවයි.
එමෙන්ම මැතිඇමතිවරු වීමට මෙන්ම අගමැතිවරු වීමට දේශපාලනඥයින්ට බලාපොරොත්තු ඇති නමුත් පැමිණ සිටින ජනතාවට තිබෙන එකම බලාපොරාත්තුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවා රජයක් පිහිටුවීම බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර පසුගිය ආණ්ඩු විසින් විශාල සංවර්ධන කටයුතු සිදු කළ ද බලයට පත්වීමට පක්ෂයට නොහැකි වුවත් තමන් ඇතුළු පිරිස ජාති ආණ්ඩුවට එක්ව ඇමතිවරු වශයෙන් යම්කිසි මෙහෙවරක් සිදු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.