සීගිරියේ සුන්දරත්වයට දැඩි බලපෑම්

සීගිරියේ සුන්දරත්වයට දැඩි බලපෑම්

August 21, 2017   07:59 am


සීගිරියේ පිහිටි මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්යාල ආපනශාලා හා සේවක නේවාසිකාගාරවල අපජලය සීගිරිය පිටත දිය අගලට හරවා ඇති බව වාර්තා වේ.

වැසිකිළි අසළින් පොළොව යටින් විශාල නළයක් හරහා මේ අපජලය පිටත දිය අගලට හරවා ඇති බව සඳහන්ය. 

සංචාරකයින් බහුලව මෙම ස්ථානයේ ගැවසෙන අතර දෙස් විදෙස් සංචාරකයින් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ලබන්නේද මේ ස්ථානයෙන් බව වාර්තා වෙයි.

පිටත දිය අගල දැඩි ලෙස කළුපැහ ගැන්වී ඇති අතර ඒ ප්‍රදේශයේ දැඩි දුර්ගන්දයක්ද පවතී. 

එමෙන්ම  අපජලය මෙන්ම වැසිකිළි කැසිකිළි ජලයද එම බටෙන්ම දිය අගලට මුදා හරින බව ද වාර්තා වේ.

මෙලෙස අපජලය බැහැර කිරීම  පිළිබඳව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරියේ ව්‍යාපෘති කළමනාකරු එච්.ඩී.මෙත්තානාන්ද මහතාගෙන් හා ආරක්ෂක අංශයෙන් විමසූ විට ඔවුන් ප්‍රකාශ කළේ කිසිඳු අයුරකින්  අපජලය  පිටත දිය අගලට මුදා හැරීමක්  සිදු නොවන බවයි.

කෙසේ වෙතත් මේ වන විට සීගිරිය නගරය ආසන්නයේ දැඩි අපිරිසිදු කමක් පවතින බවත්, හිස් අරක්කු , බීර බෝතල් , බීර ටින් ආදිය අක්‍රමවත් ලෙස බැහැර කිරීම හේතුවෙන් සීගිරියේ සුන්දරත්වයට දැඩි ලෙස හානි වන බව  දෙස් විදෙස් සංචාරකයෝ  පෙන්වා දෙති.