ජාත්‍යන්තර සරුංගල් සැණකෙළියට සියල්ල සූදානම්!

ජාත්‍යන්තර සරුංගල් සැණකෙළියට සියල්ල සූදානම්!

August 20, 2017   12:25 pm



ලෝකය සහ ලෝකයෝ සංවිධානය කරන දෙරණ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය ගාලුමුවදොර පිටියේ දී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.

තෙවන වරටත් සංවිධානය කරන මෙම සරුංගල් සැණකෙළිය අද (20) පස්වරු 1.00ට ආරම්භ වීමට නියමිතය.

තරග අංශ 6ක් යටතේ පැවැත්වෙන සරුංගල් සැණකෙළිය සඳහා තරගකරුවන් 3000ක පමණ පිරිසක් ලියාපදිංචි වී සිටියි.

චීනය, හොංකොං, දකුණු කොරියාව, පිලිපීනය, මැලේසියාව, චෙක් රාජ්‍ය, ඔස්ට්‍රේලියාව, මොරොක්කෝව, ප්‍රංශය සහ තායිලන්තය නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග කරුවන් රැසක් ද  මේ සඳහා එක්ව සිටීම විශේෂත්වයකි.