ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 23ක් මරුට
සයුරෙන් එතෙර

ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 23ක් මරුට

August 20, 2017   10:49 am



ඉන්දියාවේ - උත්තර් ප්‍රදේශයේ දුම්රිය පීලිපැන සිදුවු අනතුරකින් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබේ.

එහිදී තවත් පුද්ගලයින් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පූරි සිට හිමාලයස් දක්වා ධාවනය වු දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති අතර එහිදි දුම්රිය මැදිරි 8ක් පිලීපැන තිබේ.

කෙසේවෙතත් අදාළ දුම්රිය පැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව එරට මාධ්‍ය වාර්තා කළේය.