අනතුරින් 16ක් රෝහල් යයි
August 20, 2017 10:32 am
කොළඹ නුවර මාර්ගයේ කෑගල්ල, මීපිටිය ප්රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.
අද (20) උදෑසන මහනුවර සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගයේ නතර කර තිබූ ටිපර් රථයක සහ ප්රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ වෑන් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරින් සිව් හැවිරිදි සහ 11 හැවිරිදි ළමුන් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඒ අතර වෑන් රථයේ සහ කැබ් රථයේ රියදුරන් දෙදෙනා ද වන බව සඳහන්ය.
තුවාල ලැබූවන් ප්රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර කෑගල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.