ඉන්දීය-ශ්‍රී ලංකා පළමු තරඟය අදයි

ඉන්දීය-ශ්‍රී ලංකා පළමු තරඟය අදයි

August 20, 2017   10:28 am


සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරගය අද (20) පැවැත්වෙයි.

ඒ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීය.

 තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන අතර එය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය උපුල් තරංග විසින් දරනු ලබන අතර විරාත් කෝලී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දරනු ලබයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරගාවලිය තරග පහකින් සමන්විතය.

මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් තරගාවලියක් වන අතර එළඹෙන ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට නම් මෙම තරගාවලියේ තරග දෙකක් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලබාගත යුතු වෙයි