සේවය හැරගිය සෙබලුන් 4300ක් අත්අඩංගුවට

සේවය හැරගිය සෙබලුන් 4300ක් අත්අඩංගුවට

August 20, 2017   09:54 am



සේවය හැරගිය හමුදා සෙබලුන් 4300 ට වැඩි පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.   

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ පෙරේදා දිනයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී යුද හමුදා නිලධාරියෙකු සහ සෙබලුන් 776 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වු බවයි.

 ඒ අනුව මේ වන විට සේවය හැරගිය යුද හමුදා සෙබලුන් 4377 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 5000ට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ආරක්ෂක අංශ දත්තවලට අනුව  ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 36,000ක් පමණ සේවය හැරගොස් සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගෙන නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.