අපරාධ පැමිණිලි සියයට 75ක් මේ වසරේ අවසන්

අපරාධ පැමිණිලි සියයට 75ක් මේ වසරේ අවසන්

August 20, 2017   09:48 am


පොලීසියට ලැබෙන අපරාධ සම්බන්ධ පැමිණිලිවලින් සියයට 75ක් මේ වසර තුළ අවසන් කළ යුතු බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පවසයි.

පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ රටේ ජාතික ආරක්ෂාව උදෙසා ද පොලීසිය විශාල කාර්යය භාරයක් ඉටුකළ යුතු බවයි.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් පොලිස්පති පුජිත ජයසුන්දර මහතා මෙම අදහස් පළ කළේය.