රටට නව දේශපාලන නායකත්වයක් අවශ්‍යයි

රටට නව දේශපාලන නායකත්වයක් අවශ්‍යයි

August 20, 2017   09:46 am


රටට නව දේශපාලන නායකත්වයක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

 ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසන්නේ එම නව නායකත්වය බිහිකිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරමින් සිටින බවයි.

පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.