උ/පෙ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට උනාද?

උ/පෙ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට උනාද?

August 20, 2017   09:43 am



මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ ප්‍රශ්න කිහිපයක් උපකාරක පංති ගුරුවරයෙකු විසින් අත්පත්‍රිකා බෙදාහැරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

 විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා  සඳහන් කළේ අදාළ සිද්ධිය පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලෙස පොලීසියෙන් ද ලිඛිතව ඉල්ලීමක් කර ඇති බවයි.

ඊයේ(19) පැවති රසායන විද්‍ය ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ ප්‍රශ්න කිහිපයක් තම සම්මන්ත්‍රණයකදී සාකච්ඡාවට ලක් කළ බව පවසමින් උපකාර පංති ගුරුවරයෙකු ගම්පහ ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක් ඉදිරිපිට අත්පත්‍රිකා බෙදාහැරීමක් සිදුකර තිබේ.

එය නීති විරෝධී කටයුත්තක් වන අතර ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලින් අනතුරුව ප්‍රකාශයක් නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.