ශිෂ්‍යත්ව විභාගය අදයි
August 20, 2017 09:30 am
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද(20) දිනයේ පැවැත්වෙයි.
ඩෙල්ෆ්, නයිනතිව්, අනලතිව්, දූපත් ප්‍රදේශ ද ඇතුළුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3014කදී විභාගය පැවැත්වෙනු ඇත.
මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 56,728ක් පෙනී සිටින අතර ඉන් 562ක් විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
විභාග පරිපාලනය සදහා දිවයින පුරා 28,000ක පමණ කාර්යය මණ්ඩලයක් යොදවා තිබේ.
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිත අතර විභාග අපේක්ෂකයින් පෙරවරු 9.00 වන විට විභාග ශාලාවල අසුන් ගත යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
විභාගය අවසන් වූ පසුවත් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය රහස්‍ය ලේඛණයක් බැවින් එම ප්‍රශ්න පත්‍ර ළඟ තබාගැනීම, පිටපත් කිරීම, පොලිස් අත්අඩංගුවට පත් කිරීමේ වරදක් බව ද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.
උදෑසන 09.30 සිට 10.15 දක්වා විනාඩි 45ක කාලයක් පළමු ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන අතර දෙවන ප්‍රශ්න පත්‍රය පෙරවරු 10.45 සිට මධ්‍යම 12.00 දක්වා පැයකුත් විනාඩි 15ක කාලයක් පැවැත්වෙයි.
සියලුම අපේක්ෂකයින් සිය විභාග අංකය තම පාසල් නිල ඇදුමේ වම් පස පැළද සිටිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර කිසිඳු දෙමාපියෙකුට විභාග මධ්‍යස්ථාන භූමියට ඇතුළුවීමට ඉඩ නොදෙන අතර විවේක කාලයේදී ද විභාග මධ්‍යස්ථාන භූමියට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය
ශාලාධිපතිවරුන් හැර විභාග රාජකාරිවල නිරත කිසිඳු පාර්ශවයකට ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් වෙයි.
විභාග මධ්‍යස්ථානය අයත් වන පාසලේ විදුහල්පති කාර්යාලය වසා කැබිය යුතු වන අතර අනධ්‍යන කාර්යය මණ්ඩලයට හෝ එම පාසලේ ගුරුවරුන්ට ද පාසල් භූමියට ඇතුළුවීම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
මීට අමතරව විභාග කටයුතුවලට බාධා වන අයුරින් කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට පූර්ණ බලතල පවතින බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.
මේ අතර විභාග අවසන් වූ පසු ප්‍රශ්න පත්‍රය රහස්‍ය ලේඛනයක් බැවින් එය ළඟ තබාගැනීම, පිටපත් කිරීම, ඡායා පිට පත් ළඟ තබාගැනීම, අලෙවිය, පුවත්පත්වල සහ සඟරාවල මුද්‍රණය කර ප්‍රසිද්ධ කිරීම සපුරා තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.