තැපැල් වෘත්තීය සමිති විරෝධතාවකට සැරසෙයි?
August 20, 2017 12:32 am
ගැටළු විසදීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල කමිටුව ලබාදුන් යෝජනා ප්‍රතික්ෂේප කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.
ඒ අනුව තම ගැටළුවලට විසඳුම් නොලැබෙන්නේ නම් ඉදිරි දින කිහිපය තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ඔවුන් පවසයි.
මේ සම්බන්ධයෙන් අද දෙරණ සමඟ අදහස් දැක්වූ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ ගැටළු විසදීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල කමිටුව ලබාදුන් යෝජනා ප්‍රතික්ෂේප කරන බවයි.