පේරාදෙණි සිසුන් වීදි බසියි
August 19, 2017 03:53 pm
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට එරෙහිව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විරෝධතාවයක නිරතව තිබේ.
අද(19) දහවල් ගලහ මංසන්දියේදී පැවති මෙම විරෝධතාවය පැයක පමණ කාලයක් පැවති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මඟින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබූ බව සඳහන්ය.
විරෝධතාවය හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් ගලහ ප්‍රදේශයෙන් වසා දැමීමට පොලීසිය කටයුතු කළ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.